මුල් පිටුව සූර්ය බල සංග්‍රාමය

සූර්ය බල සංග්‍රාමය

වසර 2050 වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන සම්පුර්ණ විදුලිය ප්‍රමාණය දේශීය පුනර්ජනනීය මුලාශ්‍ර වලින් ලබාගැනීම රජයේ අපේක්ෂාවයි.

මේ සඳහා මූලික පියවරක් ලෙස විදුලි පාරිභෝගිකයන් ද විදුලි නිෂ්පාදකයන් වශයෙන් විදුලි ජනන ක්‍රියාවලියට සම්බන්ධ කර ගනිමින් තම නිවෙස්වල වහල මත ඉදිකෙරෙන කුඩා සූර්ය බලාගාර ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් 'සූර්ය බල සංග්‍රාමය' නමින් ක්‍රියාවලියට නංවයි. මේ යටතේ විදුලි පාරිභෝගිකයින් මිලියනයක් විදුලි නිෂ්පාදකයින් බවට පත් කිරීමට අපේක්ෂිත අතර, නිෂ්පාදනය කර ජාතික විදුලි බල පද්ධතියට එකතු කරනු ලබන අතිරික්ත විදුලිය සඳහා රජය විසින් ගෙවීම් කිරීමටද නියමිතය.

ඕනෑම විදුලි පාරිභෝගිකයෙකුටම, මෙම ව්‍යාපෘතිය යටතේ තම වහලය සූර්ය විදුලි බලාගාරයක් බවට පත් කල හැකියි. 2020 වසර වන විට 200 MW ක් හා 2025 වසර වන විට 1000 MW ක් ධාරිතාවයෙන් යුතු සූර්ය බල විදුලිය නිපදවීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

ශුද්ධ මණුකරන ක්‍රමය

වහල මත සවි කරන සූර්ය පැනල මගින් ජනනය කරන විදුලි ඒකක ගණන නිවාස හිමියා විසින් පාවිච්චි කරන ලද විදුලි ඒකක ගණනට වඩා වැඩිනම් අතිරික්ත ඒකක ප්‍රමාණය සඳහා විදුලි බල මණ්ඩලය මගින් පහත වගුවේ සඳහන් පරිදි නිවාස හිමියාට මුදල් ගෙවීම කරයි.

ශුද්ධ ගිණුම්කරන ක්‍රමය